ADVERTESMENT
ADVERTESMENT
දණහිස් වල අඳුරු පැහැය නැති කරගන්න විශ්මිත ක්‍රමයක්

දණහිස් වල අඳුරු පැහැය නිසා ඔබට බොහෝ අවස්ථා වලදී අපහසුතාවයන්ට පත්වීමට සිදු වෙලා ඇති. විශේෂයෙන් උත්සව අවස්ථාවකට ඇඳුම් පැලඳුම් තෝරාගැනීම ආදියේදී. දණහිස් වල අඳුරු පැහැය ඇති වීමට බලපාන විවිධ හේතූන් තියනවා. උදාහරණ ලෙස හිරු එළියට නිරාවරණය වීම, සමෙහි වියළි බව, සහ ප්‍රවේණික හේතූන් ආදිය.

පහසුවෙන් සපයාගත හැකි අමුද්‍රව්‍ය භාවිතයෙන් නිවසේදීම සාදා ගත හැකි ප්‍රතිකර්ම යොදාගෙන දණහිස් වල අදුරු පැහැය අවම කරගැනීමට දැන් ඔබට අවස්ථාව තිබෙනවා.

එසේ නම් මෙන්න විසඳුම.

කහ, මී පැණි සහ කිරි.
කහ කියන්නේ හොද විශබීජ නාශකයක්. මී පැණි වල සමේ තෙතමනය ආරක්ෂා කරන ගුණාංග අඩංගු වන අතර කිරි ස්වභාවික විරංජකයක් (bleach) ලෙස ක්‍රියා කරනවා.
මෙම අමුද්‍රව්‍ය 3 මිශ්‍ර කර ඝනකම් ආලේපයක් සකසා ගන්න. එය දණහිස් මත හොඳින් ආලේප කර මිනිත්තු 20ක් පමණ තිබෙන්නට හැර පසුව සෝදා හරින්න.

ලෙමන් සහ මී පැණි.
ලෙමන්ද ස්වභාවික විරංජකයක් ලෙස ක්‍රියා කරනවා. ලෙමන් යුශ ස්වල්පයක් මී පැණි සමග මිශ්‍ර කර දණහිස් මත ආලේප කරන්න. මිනිත්තු 15ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.

කඩල පිටි සහ ලෙමන්.
කඩල පිටි ස්වභාවික පිරිසිදුකාරයක් ලෙස ක්‍රියා කරනවා. කඩල පිටි සහ ලෙමන් යුශ මිශ්‍ර කර සාදා ගන්නා ආලේපය ස්ක්‍රබ් එකක් ලෙස භාවිත කරන්න.

(පරිවර්තනය හෂී දිල්රූ)
5,932


Views
How To Get Rid Of Dark Spots on Knees and Elbows Fast