ADVERTESMENT
ADVERTESMENT
කවුරු අතරත් කැපී පෙනෙන්න නීරෝගී වරලසක් හිමිකරගන්න මේ දේවල් කරන්න

කාන්තාවක් බොහෝසෙයින් සැලකිලිමත් වන්නේ තමන්ගේ වරලස පිළිබඳවයි. තම වරලසෙන් කෙනෙකුගේ පෙනුම ගොඩක් වෙනස් කරන්න පුළුවන්. පිරිමින්ගේ ආකර්ෂණය දිනාගන්න වගේම ඕනෑම තැනක කැපි පෙනෙන්න ඕන නිසා තමයි කාන්තාවන් සාමාන්‍ය ගමන් බිමන්වලට මෙන්ම විශේෂ උත්සව ආදියටද විවිධ කොණ්ඩ විලාසිතා පිළිබඳව සිතන්නේ.

ඉතින් ඒ වගේ ලස්සනට ඉන්න තම කොණ්ඩය නීරෝගීව තබාගන්න පුළුවන් ක්‍රම කිහිපයක් තමයි මේ.

01. කිරි සහ මී පැණි

හානී වී ඇති හිසකෙස් නැවතත් යථා තත්වයට පත් කර ගැනීමට කිරි සහ මී පැණි භාවිතා කල හැකියි. කිරි වල අඩංගු ප්‍රෝටීන්, සින්ක්, මැග්නීසියම්, කැල්සියම් මගින් හිසකෙස් වලට හොද පෝෂණයක් වගේම තෙතමනයක් ලබාදෙනවා. හිසකෙස් වලට දීප්තිමත් බව සහ සුමුදු බවක් ලබා ගැනීමට කිරි ස්වල්පයක් භාජනයකට දමා උණු උන විට එයට මී පැණි ස්වල්පයක් එක් කර මිශ්‍රණය මදක් ඝන වනතුරු උණු කර ගන්න. මිශ්‍රණය නිවෙන්නට තබා හිස කෙස් වල ආලේප කරන්න. පැය බාගයකට පසු සාමාන්‍ය පරිදි හිස සෝදා හරින්න.

02. අලි ගැට පේර

වියළි සහ පැලුණු හිසකෙස් වලට හොදම විසදුමක් තමයි අලිගැට පේර කියන්නේ. එහි අඩංගු වෙන බයෝටින් නමැති ප්‍රෝටීනය මගින් හිසකෙස් වලට අවශ්‍ය තෙතමනය හොදින් ලබා දෙනවා. ඒ වගේම හිසකෙස් වලට අවශ්‍ය පෝෂණය ලබාදෙමින් හිසකෙස් වලට දීප්තියක් ලබාදෙනවා. හොදින් ඉදුණු අලිගැට පේර ගෙඩියකට ඔලිවු තෙල් මේස හැන්දක් දමා හොදින් මිශ්‍ර කර හිසකෙස් වල ආලේප කරන්න. පැය බාගයකට පසු සාමාන්‍ය පරිදි හිස සෝදා හරින්න. ඔබට පැහැදිලි වෙනසක් දැකගන්න පුවන් වේවි.

03. බිත්තර කහ මද

කොණ්ඩයට අවශ්‍යම දෙයක් තමයි ප්‍රෝටීන් කියන්නේ. බිත්තර කහ මද වල ප්‍රෝටීන් බහුලව අඩංගු වෙනවා. මේ නිසාම තමයි කොණ්ඩය සදහා භාවිතා කරන විවිධ නිෂ්පාදන වලට බිත්තර කහ මද යොදා ගන්නේ. බිත්තර කහ මද මගින් කොණ්ඩයට දීප්තිමත් බව වගේම හොද පෝෂණයක් ලබා දෙනවා. මේ නිසා ඔබට පුළුවන් ඝනව වැඩුණු දිගු කොන්ඩයකට හිමිකම් කියන්න. බිත්තර කහ මද මී පැණි සමග හෝ ඔලිව් තෙල් සමග මිශ්‍ර කර හිස කෙස් වල අලේප කර පැය බාගයකට පසු සෝදා ඉවත් කිරීම මගින් ඔබට පුළුවන් හොද පෝෂණයක් කොණ්ඩයට ලබාගන්න.

04. බියර්

බියර් කියන්නේ ඇත්තටම ඔබේ හිසකෙස් වලට හොද දෙයක්. මොකද බියර් වලට පුළුවන් ඔබේ හානි වුන හිසකෙස් ඉක්මනින් යථා තත්වයට පත් කරන්න. ඒ වගේම එහි අඩංගු විටමින් සහ ඛණිජ ද්‍රව්‍ය හිසකෙස් අභ්‍යන්තරයටම ඉක්මනින් ඇතුළු වෙනවා. ඔබ සාමාන්‍ය පරිදි ස්නානය කල පසු බියර් වලින් කොණ්ඩය සෝදන්න. විනාඩි 20 තිබෙන්නට හැර උණු වතුරෙන් සෝදා හරින්න. කොණ්ඩයෙන් දුගදක් හැමුවත් කොණ්ඩය වියළී යාමත් සමග දුගද ද ඉවත් වෙනවා.
4,291


Views
Hair Treatments for All Hair Types
Eggs, yogurt and honey are, at first glance, all components of a tasty breakfast—but they also happen to be hair treatment ingredients, and affordable, all-natural ones at that. And they're not the only ones. Did you know, for instance, that the oils in avocados more closely resemble our own skin's oils than any product in the beauty aisle does? Or that the mild acidity in lemon is an effective-and gentler-alternative to chemical-laden products? Next time your locks need a lift, save money by using one of these kitchen fixes.